quinta-feira, 2 de abril de 2015

Meu artigo foi traduzido em cingalês

    Agora, se pode ler em cingalês agora o meu artigo sobre a crise econômica brasileira
    ගල් අරන් පාන් වලට හරවන්න ආණ්ඩුවට පුළුවන් ද?
    ගල් අරන් පාන් වලට හරවන්න ආණ්ඩුවට පුළුවන් ද?-ඇන්තනි පී. මුලර් රචනාවක් අරුණි ශපිරෝ පරිවර්තනයක්
    සියළු කේන්සියන් මාර්ග දුවන්නේ එකම අවසානයක් කරාය. එනම්, උද්ධමන අනුපාත ඉහළ පවතින, ආර්ථික වර්ධනයේ වේගය අඩුවීම සහ විරැකියාව ක්‍රමයෙන් ඉහළ යන තත්වය වෙතයි. 1970 ගණන් වල දී යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් ආර්ථිකයට එකවර නිහ්චලනය (stagnation) සහ උද්ධමනය පහර දෙනවා අත්විඳින්නට ලැබිණ. වර්තමානයේ මෙම තත්වය අත්දකින රට බ්‍රසීලයයි.

    2003 දී බලයට පැමිණීමත් සමඟ බ්‍රසීලයේ කම්කරු රජය විසින් වියදම් වලින් වර්ධනය කරන ආර්ථික ප්‍රතිපත්ති වල නියැළුනහ. අද, උද්ධමනය ඉහළ යමින් එරට නිහ්චලන තත්වයකට වැටී අවපාත ලක්ෂණ දක්වන්නට පටන් ගෙන ඇත. ආර්ථික වර්ධනයේ සිට උද්ධමනය දක්වාත්, විනිමය අනුපාතිකයෙන් ද, කර්මාන්ත නිපැයුම් සහ නිෂ්පාදන ක්‍රියාවලියේ ආයෝජන යනාදී සියළු ආර්ථික සලකුණු වලින් පෙන්වන්නේ මඟ එන අවදානම් තත්වයකි.

Nenhum comentário:

Postar um comentário